සාගර විද්‍යාව

සාගර විද්‍යාව හෙවත් සමුද්‍ර විද්‍යාව (ග්‍රීක අර්ථය සාගර ලේඛනය යන්නයි.)යනු සාගර අධ්‍යයනය හා දියඹ විද්‍යාව වශයෙන් හැඳින්වෙන පෘථිවියේ සාගර හා මුහුද පිළිබඳව අධ්‍යයනය කරන දියඹ විද්‍යාවේ ශාඛාවකි. එයින් පරාසයක් ආවරණය කරන අතර සාගර ජීවීන් සහ පරිසර පද්ධති, සාගර තරංග, මුහුදු රැළි, භූ භෞතික විද්‍යාත්මක ද්‍රව ගතිකයන්, කැටි භූ ලක්ෂණ, මුහුදු පතුලේ භූ විද්‍යාව සහ සාගර තුළ හා එහි සීමා හරහා මතුවන භෞතික ලක්ෂණ මෙන්ම විවිධ රසායනික සංඝටක ස්‍රාවයන් පිළිබඳව අධ්‍යයනයද ඊට අයත්වේ. මෙම පුළුල්ව පැතිරුණු මාතෘකා මඟින් ප්‍රතිබිම්භනය කරන්නේ ලෝකයේ සාගර පිළිබඳ දැනුම හා එහි ක්‍රියාකාරීත්වයන් පිළිබඳ අවබෝධයට සාගර විද්‍යාඥයින් විසින් වෙනත් මිශ්‍රිත දැනුම සම්භාරයක් හැදෑරිය යුතු බව හා එය බහු විෂයයක් බවය. ඒ යටතට ජීව විද්‍යාව, රසායන විද්‍යාව, භූ විද්‍යාව, කාලගුණික විද්‍යාව හා භෞතික විද්‍යාව අයත්වේ.

තාප දහරා චක්රීකරණය
බෙන්ජමින් ෆ්‍රෑන්ක්ලින් විසින් අදින ලද ගල්ෆ් ජල ප්‍රවාහය
සමුද්රර විද්යාරත්මක දක්ෂිණ අර්ධ ගෝලීය ලලාට පද්ධති (Oceanographic frontal systems on the Southern Hemisphere)

සාගර විද්‍යාවේ උප කාණ්ඩයන්

සංස්කරණය

සාගර විද්‍යාව පිළිබඳ හැදැරීම ශාඛා රාශීයකට බෙදිය හැකිය.

  • ජීව විද්‍යාත්මක සාගර විද්‍යාව හෙවත් දියඹේ ජීව විද්‍යාව යනු ශාක සතුන් හා වෙනස් සාමුද්‍රික ක්ෂුද්‍ර ජීවීන් හා ඒවායේ පාරිසරික විද්‍යාත්මක අන්තර් ක්‍රියාවන් පිළිබඳව හැදැරීමයි.
  • රසායනික සාගර විද්‍යාව හෙවත් දියඹේ රසායන විද්‍යාව යනු සාගරයේ රසායනය හා වායු ගෝලය සමග එහි රසායනික අන්තර් ක්‍රියා පිළිබඳව හැදැරීමයි.
  • භූ ගෝලීය සාගර විද්‍යාව හෙවත් දියඹේ සාගර විද්‍යාව යනු තැටි භූ ලක්ෂණ හා මුහුදු පතුලේ භූ විද්‍යාව හැදැරීමයි.
  • භෞතික විද්‍යාත්මක සාගර වෙරළ හෙවත් දියඹේ භෞතිකය, උෂ්ණත්වය හා ලවණතා ව්‍යුහය මෙන්ම මිශ්‍රණය වී ඇති ආකාරය, ඒවායේ තරංග, අභ්‍යන්තර තරංග, උදම් හා දියරැලි අන්තර්ගත සාගරයේ භෞතික ලක්ෂණ පිළිබඳව හැදැරීමයි. වඩා රසවත් හැදෑරීමක් වන්නේ ශබ්දයේ හැසිරීම හෙවත් ධ්වනි සාගර විද්‍යාව, ආලෝකය (ප්‍රකාශ සාගර විද්‍යාව) හා සාගරයේ රේඩියෝ තරංගවල හැසිරීම පිළිබඳව හැදැරීමයි.

මෙම ශාඛා ප්‍රතිබිම්භනය කරන්නේ බොහෝ සාගර විද්‍යාඥයන් මුලින්ම සියලු විද්‍යාවන් හා ගණිතයන් පිළිබඳව හදාරා ඔවුන්ගේ අන්තර් විනයානුකූල දැනුම නිපුණතාවයන් හා හැකියාවන් අනතුරුව සාගර විද්‍යාවට යොදන බවයි.

සාගර විද්‍යාව සාගර ඉංජිනේරු විද්‍යාවේදී ද යොදා ගැනේ. තෙල් වේදිකා, නැව්, වරායන් හා සාගරය ආරක්ෂිතව භාවිතා කිරීමට උපකාරීවන වෙනත් ව්‍යුහයන් සැලසුම් කිරීමේදී හා ගොඩ නැංවිමේදී එය අවශ්‍යවේ.

සාගර විද්‍යාත්මක දත්ත කළමනාකරණය යනු සමීක්ෂකයන් සඳහා ඇති අතීත හා වර්තමාන දත්ත සුරක්ෂිත කිරීමේ විෂයයි.

"https:https://www.how.com.vn/wiki/index.php?lang=si&q=සාගර_විද්‍යාව&oldid=397615" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි
🔥 Top keywords: කාලස් පුයිජ්දෙමොන්විශේෂ:ගවේෂණයමුල් පිටුවසූනන් ඇඟ වැටීමේ ඵලාඵලසාර ධර්මසාහිත්‍යයඅධ්‍යාපනයවිකිපීඩියා:Contact usදුටුගැමුණු රජසාමයශ්‍රී දළදා මාළිගාවසීගිරියශ්‍රී ලංකාවසංස්කෘතියරුවන්වැලිසෑයගෝලීයකරණයමාර්ටින් වික්‍රමසිංහස්ත්‍රී ස්වයං වින්දනයඅනගාරික ධර්මපාලපාසල්කළමනාකරණයලිංගික සංසර්ගයදෙවන ලෝක යුද්ධයමානව අයිතිවාසිකම්ප්‍රවර්ගය:ශ්‍රී ලංකාවේ ජාතික වීරයෝසිංහරාජ වනාන්තරයනායකත්‍වයසිංහල අක්ෂර මාලාවකුමාරතුංග මුනිදාසශ්‍රී ලංකා පොලිස් සේවයශ්‍රී ලංකාවේ සර්පයෝඑස්‌. මහින්ද හිමිමූලික අයිතිවාසිකම්මහා මංගල සුත්‍රයස්වයං වින්දනයසිංහල භාෂාවශ්‍රී ලංකාවේ විදුලි බලයලිංගික සංසර්ගික ඉරියව්ශ්‍රී ලංකාවේ කුල ක්‍රමය