දත්ත සම්ප්‍රේෂණය

දත්ත සම්ප්‍රේෂණය, සංඛ්‍යාංක සම්ප්‍රේෂණය, හෝ සංඛ්‍යාංක සන්නිවේදනය යනු ලක්ෂ්‍යයෙන්-ලක්ෂ්‍යයට හෝ ලක්ෂ්‍යයෙන්-බහු ලක්ෂ්‍යයන්ට සන්නිවේදනය සිදුකරන නාලිකාවක් ඔස්සේ භෞතික වශයෙන් දත්ත ( සංඛ්‍යාංක දත්ත ප්‍රවාහයක්) මාරුවකි. එවැනි නාලිකා පිළිබඳ නිදසුන් වශයෙන් දැක්විය හැක්කේ තඹ කම්බි, ප්‍රකාශ තන්තු, නොරැහැන් සන්නිවේදන නාලිකා, සහ ආචයන මාධ්‍ය වෙති. මෙම දත්ත නිරූපණය කෙරුමට විද්‍යුත් වෝල්ටීයතාවයක්, රේඩියෝ තරංගයක්, සුක්ෂ්ම තරංගයක්, හෝ අධෝරක්ත සංඥාවක් වැනි විද්‍යුත් චුම්බක සංඥාවක් භාවිත කළ හැක.

ප්‍රතිසම සන්නිවේදනයේදී සිදුවන්නේ අඛණ්ඩව වෙනස්වන තොරතුරු සංඥාවක් සමර්පණය කිරීම වන අතර, සංඛ්‍යාංක සන්නිවේදනයේදී සිදුවන්නේ වියුත පණිවුඩ සමර්පණයයි. මෙම පණිවුඩ නිරූපණය කෙරුම සඳහා එක්කෝ මඟ කේතයක් අනුසාරයෙන් ස්පන්දන අනුක්‍රමයක් (පාදම් කලාප සන්නිවේදනය) හෝ, සංඛ්‍යාංක මූර්ජන ක්‍රමයක් භාවිතා කරමින් නිමැවෙන අඛණ්ඩව වෙනස්වන තරංග හැඩයන් සීමිත ගොන්නක් (ගිලිහුම් කලාප සන්නිවේදනය) හෝ භාවිතා කල හැක. ගිලිහුම් කලාප මූර්ජනය හා අනුරූප විමූර්ජනය (අනනාවරණය ලෙසින්ද හැඳින්වේ) සිදුකෙරෙන්නේ මෝඩම උපකරණ අනුසාරයෙනි. සංඛ්‍යාංක සංඥාවක වඩාත්ම සුලභ අර්ථදැක්වීම අනුව, බීටු-ප්‍රවාහ නිරූපණය කරන පාදම් කලාප සහ ගිලිහුම් කලාප සංඥා දෙවගයම සංඛ්‍යාංක සන්නිවේදනය ලෙසින් සැලකෙන අතර, විකල්ප අර්ථදැක්වීමක් ප්‍රකාර පාදම් කලාපය පමණක් සංඛ්‍යාංක ලෙසින් සැලකෙන අතර සංඛාංක දත්තයන්හී ගිලිහුම් කලාප සම්ප්‍රේෂණය සැලකෙන්නේ සංඛ්‍යාංක සිට ප්‍රතිසම පරිවර්තනයෙහි ආකාරයක් ලෙසිනි.

සම්ප්‍රේෂණය කෙරෙන දත්ත, නිදසුනක් ලෙසින් පරිගණකයකින් හෝ යතුරුපුවරුවකින් වැනි දත්ත මූලාශ්‍රයකින් උපදවෙන සංඛ්‍යාංක පණිවුඩයක් විය හැක. එලෙසම එය නිදසුනක් ලෙසින් ස්පන්ද-කේත මූර්ජනය (PCM) භාවිතයෙන් හෝ වඩාත් ප්‍රගත ප්‍රභව කේතකරණය (ප්‍රතිසම-සිට-සංඛ්‍යාංක පරිවර්තනය සහ දත්ත සම්පීඩනය) පරිපාටීන් අනුසාරයෙන් හෝ දත්ත ප්‍රවාහයක් බවට සංඛ්‍යාංකකරණය කල දුරකතන ඇමතුමක් හෝ සදෘශ්‍ය සංඥාවක් හෝ වැනි ප්‍රතිසම සංඥාවක් වුව හෝ විය හැක. මෙම ප්‍රභව කේතකරණය සහ විසංකේතීකරණය සිදුකෙරෙන්නේ කොඩෙක් උපකරණ විසිනි.

මූලාශ්‍ර

සංස්කරණය
"https:https://www.how.com.vn/wiki/index.php?lang=si&q=දත්ත_සම්ප්‍රේෂණය&oldid=549259" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි
🔥 Top keywords: විශේෂ:ගවේෂණයකාලස් පුයිජ්දෙමොන්මුල් පිටුවඅධ්‍යාපනයවිශේෂ:මෑත වෙනස්වීම්සූනන් ඇඟ වැටීමේ ඵලාඵලවිකිපීඩියා:Contact usදුටුගැමුණු රජසාර ධර්මසාහිත්‍යයසීගිරියසිංහල සාහිත්‍යයසංස්කෘතියගෝලීයකරණයඅනගාරික ධර්මපාලපරිසර දූෂණයකුමාරතුංග මුනිදාසශ්‍රී දළදා මාළිගාවශ්‍රි ලංකාවේ පාසල් ලැයිස්තුවඑස්‌. මහින්ද හිමිශ්‍රී ලංකාවේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසශ්‍රී ලංකා පොලිස් සේවයශ්‍රී ලංකාවමාර්ටින් වික්‍රමසිංහරුවන්වැලිසෑයලිංගික සංසර්ගික ඉරියව්වොලිබෝල්ලිංගික සංසර්ගයවිකිපීඩියා:Administrators' noticeboardසාකච්ඡාව:මුල් පිටුවමනෝ විශ්ලේෂණවාදයසාමයපාසල්ස්ත්‍රී ස්වයං වින්දනයස්වයං වින්දනයළමා අපයෝජනයඅපරාධකළමනාකරණයපළමුවන විජයබාහු රජ