ප්‍රාග් ඓතිහාසික බ්‍රිතාන්‍යය

[[Category:මැයි 2වසර 500,000 පමණ පැරණි හෝමෝ හැයිඩ්ල්බගෙන්සිස් හට අයත් පැරණිතම මානව ෆොසිල, සසෙක්ස් හී බෝක්ස්ග්‍රොව් තුල දක්නට ලැබෙයි . 020 සිට ගැනෙන අතිරේක සමුද්දේශ අවශ්‍ය වන ලිපි]]

මානව විශේෂ කිහිපයක්, වසර මිලියනයක් පමණ කාලයක් තුල, මහා බ්‍රිතාන්‍යය තුල විටින් විට වාසගත වී ඇත. ක්‍රිව 43 දී රෝමානුවන් විසින් බ්‍රිතාන්‍යය යටත්කිරීම, ලේඛනගත ඉතිහාසයෙහි ආරම්භය ලෙසින් සැලකෙන නමුදු, එයට පෙර යම් ඓතිහාසික තොරතුරු පවතියි.

ශිලා මෙවලම් සහ බොහෝවිට හෝමෝ ඇන්ටිසෙසර් විසින් තබන ලද අඩිසලකුණු හමුවන නෝෆ්ලක් වෙරළ මත වන හෙයිස්බොරෝ තුල මානව වාසගත වීමෙහි වසර 900,000 පමණ පැරණිතම සාක්ෂි හමුවෙයි. වසර 500,000 පමණ පැරණි හෝමෝ හැයිඩ්ල්බගෙන්සිස් හට අයත් පැරණිතම මානව ෆොසිල, සසෙක්ස් හී බෝක්ස්ග්‍රොව් තුල දක්නට ලැබෙයි . මෙම කාලසීමාව වන තුරුම, අග්නිදිග එංගලන්තය සහ උතුරුදිග ප්‍රංශය අතරවූ වීල්ඩ්-ආට්වා ප්‍රතිනතිය නම් හුණු වැටියක් වෙතින් මහා ද්වීපය සමගින් බ්‍රිතාන්‍යය ස්ථීර ලෙසින් සම්බන්ධව තිබුණු මුත්, වසර 425,000 පමණ පෙර සිදුවූ ඇංග්ලියන් ග්ලැසියාරාණය තුලදී මහා ගංවතුරක් විසින් වැටිය බිඳ දැමුණු අතර, ඉංග්‍රීසි සමුද්‍රසන්ධිය නිමැවුණි. එයින් පසුව, අන්තර්ග්ලැසියරායන තුලදී මුහුදු මට්ටම ඉහළ යෑම සමගම බ්‍රිතාන්‍යය දිවයිනක් විය.

වසර 400,000 පමණ පෙර කාලානුරූපය සහිත අතිපැරණි නියැන්ඩර්තාල්වරුන්ගේ ෆොසිල, කෙන්ට් හී ස්වාන්ස්කොම්බ් වෙත දක්නට ලැබුණු අතර, වසර 225,000 පැරණි, සම්භාව්‍ය නියැන්ඩර්තාල්වරුන්ගේ ෆොසිල, වේල්සයෙහි පොන්ට්නැවෙඩ් වෙත හමුවුණි. නියැන්ඩර්තාල්වරුන්ගේ පුනරාගමනය සිදුවූ වසර 60,000 පෙර කාලය දක්වාවූ වසර 180,000 සහ 60,000 පෙර දක්වා කාලය අතරතුර කාල සීමාවෙහිදී බ්‍රිතාන්‍යය තුල මානව වාසගතවීම් නොපැවතුණි. වසර 40,000 පෙර දක්වා කාලය වන විට නියැන්ඩර්තාල්වරු න්‍යෂ්ඨ ව සිටි අතර, නූතන මානවයෝ බ්‍රිතාන්‍යය වෙත පැමිණ සිටියහ.

🔥 Top keywords: විශේෂ:ගවේෂණයමුල් පිටුවකාලස් පුයිජ්දෙමොන්පොසොන් පසළොස්වක පෝයසූනන් ඇඟ වැටීමේ ඵලාඵලශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමපොසොන් උත්සවයමහින්දාගමනයවිකිපීඩියා:Contact usදුටුගැමුණු රජකුමාරතුංග මුනිදාසළමා අපයෝජනයසාහිත්‍යයසාර ධර්මසීගිරියරුවන්වැලිසෑයශ්‍රී ලංකාවමහින්ද තෙරණුවෝකුසල් මෙන්ඩිස්ශ්‍රී දළදා මාළිගාවඅධ්‍යාපනයමාර්ටින් වික්‍රමසිංහඅපරාධශ්‍රී ලංකාවේ විෂය සමගාමී ක්‍රියාමහා මංගල සුත්‍රයලිංගික සංසර්ගයශිෂ්‍යත්ව විභාගයසිංහල සාහිත්‍යයශ්‍රී ලංකා පොලිස් සේවයඑස්‌. මහින්ද හිමිනායකත්‍වයඅනගාරික ධර්මපාලසංස්කෘතියළමා අයිතිවාසිකම් - ශ්‍රී ලංකාධම්මපදයසී.ඩබ්.ඩබ්. කන්නන්ගරස්ත්‍රී ස්වයං වින්දනයපළමුවන පරාක්‍රමබාහු රජපළමුවන විජයබාහු රජ