පාර්ශ්වනාථ දේවාලය, ඛජුරාහෝ
පාර්ශ්වනාථ දේවාලය (IAST: Pārśvanātha Mandir) යනුවෙන් හැඳින්වෙන්නේ ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ්හි ඛජුරාහෝවේ පිහිටි 10වන සියවසට අයත් ජෛන දේවාලයකි. මෙය වර්තමානයේ පාර්ශ්වනාථ වෙනුවෙන් පුදකොට තිබුණ ද, චන්දේල යුගයේ එය ඉදිවූයේ ආදිනාථ දේවාලයක් ලෙසිනි. මෙය ජෛන ආගම හා සම්බන්ධ දෙවොලක් වුව ද, දේවාලයේ බාහිර බිත්ති වෛෂ්ණවීය තේමාවලින් අලංකාර කොට ඇත. මෙම දේවාලයේ ප්‍රවේශය වඩාත්-පරිපූර්ණ මායා චතුරස්‍රයක් සහිත ශිලා ලේඛනයකින් සමන්විත ය.
පාර්ශ්වනාථ දේවාලය | |
---|---|
पार्श्वनाथ मन्दिर | |
![]() පාර්ශ්වනාථ දේවාලය | |
මූලික තොරතුරු | |
පිහිටීම | ඛජුරාහෝ |
භූගෝලීය ඛණ්ඩාංක | 24°50′41″N 79°56′12″E / 24.8448503°N 79.9365747°Eඛණ්ඩාංක: 24°50′41″N 79°56′12″E / 24.8448503°N 79.9365747°E |
අනුබැඳියාව | ජෛන ආගම |
දේවතාවා | පාර්ශ්වනාථ |
දිස්ත්‍රික්කය | ඡතර්පූර් |
ජනපදය | මධ්‍ය ප්‍රදේශ් |
රට | ඉන්දියාව |
ගෘහනිර්මාණ විස්තර | |
ස්ථාපිත දිනය | 950-970 CE |
ඉතිහාසය
සංස්කරණයමෙම දේවාලය චන්දේල රජ ධංග සමයේ ක්‍රි.ව. 950 සිට 970 අතර කාලයේ ප්‍රමුඛ ජෛන පවුලක් විසින් ඉදි කරන්නට ඇතැයි විශ්වාස කෙරේ.[1] දේවාලයේ වාර්තා ඇතුළත් වම් ද්වාරයේ උළුවස්සේ පිහිටි ක්‍රි.ව. 954ට (1011 VS) අයත් ශිලා ලේඛනයක එක් පාහිලාවකගේ ත්‍යාගයන් සහ උද්‍යාන ප්‍රදානයක් පිළිබඳ සඳහන් වේ. මෙම උද්‍යාන පාහිලා-වතිකා, චන්ද්‍ර-වතිකා, ලඝුචන්ද්‍ර-වතිකා, ෂංකර-වතිකා, පන්චෛතාල-වතිකා, අම්රාවතිකා සහ ධංග-වාදි යන නම්වලින් දක්වා ඇත. ශිලාලේඛනයෙහි දැක්වෙන්නේ පාහිලා යනු ධංග රජුගේ ගෞරවයට පාත්‍ර වූ ජිනනාථගේ බැතිමතකු ලෙසයි.[2]
මෙම දේවාලයේ වන්දනාමාන කෙරුණු පැරණිතම ප්‍රතිමා අතර ආදිනාථ ප්‍රතිමා පැවතිණි. 1852දී බ්‍රිතාන්‍ය පුරාවිද්‍යා සමීක්ෂකයකු වූ ඇලෙක්සැන්ඩර් කනිංහැම් මෙම දේවාලය නැරඹීමට පැමණීමත් සමග, මෙම දේවාලයේ ප්‍රධාන පූජාගාරය ජරාවාස වී ඇති බව ඔහු සොයාගත්තේ ය. ඔහු මෙම දේවාලය "ජිනනාථ දේවාලයක්" ලෙස හැඳින්වී ය. 1847දී ජෛන බැංකුකරුවකු විසින් මෙය ප්‍රතිසංස්කරණය කළ බව දක්වා තිබේ. 1860දී, මෙහි ප්‍රධාන පූජා ගෘහයේ පාර්ශ්වනාථ ප්‍රතිමාවක් තැන්පත් කෙරිණි. මෙහි දෙවොලේ පසුපස ද්විතීයික දෙවොලක් තුළ ආදිනාථ ප්‍රතිමාවක් ද තැන්පත් කෙරිණි.[3]
ඉන්දියාවේ පුරාවිද්‍යා සමීක්ෂණය විසින් මෙම දේවාලය ජාතික වැදගත්කමක් ඇති ස්මාරකයක් ලෙස වර්ගීකරණය කරන ලදී.[4]
කලාව සහ ගෘහනිර්මාණ ශිල්පය
සංස්කරණයමෙම පාර්ශ්වනාථ දේවාලය ඛජුරාහෝවේ ජෛන දේවාල අතුරින් විශාලතම දේවාලය වේ.[5] මෙහි පිවිසුම් ද්වාර මණ්ඩපයක්, කුඩා ශාලාවක්, විශාල ශාලාවක් (මණ්ඩප), අන්තරාලයක්, සහ ගර්භගෘහයක් දක්නට ලැබේ.[6] දේවාලයේ ව්‍යූහය දෙපස අන්තවලින් නෙරායාමක් සහිත දිගටි ගෘහනිර්මාණ සැලසුමකින් යුක්ත ය. ඉදිරි (නැගෙනහිර) නෙරුම ප්‍රවේශ ද්වාරමණ්ඩපය තනයි. පසුපස (බටහිර) නෙරුම කුටිය හා සම්බන්ධ ය.[5]
ප්‍රවේශ ද්වාරයේ සිවිලිම දම්වැල් සහ මල් ලියකම් මගින් අලංකාර කොට ඇත. එහි එකිනෙකා වටා එතුණු පියාඹන විද්‍යාධරයින් දෙපළක් වේ. මණ්ඩපයේ ද්වාර උඩළිපත අදිනාථගේ සහායකයකුගේ ප්‍රතිමාවකින් සමන්විත ය. මෙහි අත් දහයක් ඇති චක්‍රේෂ්වරි විසින් ගරුඩකු පදවනු නිරූපිත ය. ශුද්ධ කුටිය තුළ ජිනවරුන්ගේ ප්‍රතිමා දක්නට ලැබේ.[5][6]
- ජෛන දෙවිවරුන් සහිත දේවාලයේ ඇතුළත
දේවාලයේ පිටත බිත්ති ප්‍රතිමා තීරු තුනකින් සමන්විත ය.[5] මෙම ප්‍රතිමා මගින් සුරසුන්දරියන් (සුන්දර කාන්තාවන්), පියඹන පෙම්යුවළවල්, නළඟනන්, සංගීතඥයන් සහ දිව්‍යමය රූ නිරූපණය වේ.[6] මෙම දේවාලය ජෛනාගමික දෙවොලක් වුව ද, බාහිර බිත්තිවල වෛෂණවීය තේමා රැගත් නොයෙකුත් හින්දු දෙවිවරුන්ගේ ස්වරූප සහ ඔවුන්ගේ බිසෝවරුන් නිරූපණය කොට ඇත. මේ අතරට විෂ්ණු-ලක්ෂ්මී, රාමා-සීතා, බලරාම-රේවතී, පරශුරාම, හනුමාන්, බ්‍රහ්ම සහ ක්‍රිෂ්ණාගේ යාමලාර්ජුන පුරාවෘත්තය ඇතුළත් ය. මෙම ප්‍රතිමා නිරූපණය, ඉරියව් සහ ස්වරූපය අතින් ලක්ෂ්මණ දේවාලයේ ප්‍රතිමාවලට සමාන ය.[6][5] ලක්ෂ්මණ දේවාලයේ මෙන් නොව, පාර්ශ්වනාථ දේවාලයේ අතිශයින් ශෘංගාරාත්මක ප්‍රතිමා දක්නට නොලැබේ. නමුත් මෙහි ඇති එක් ප්‍රතිමාවක හරහට පාද තබාගත් අප්සරාවක් යම් උපකරණයක් භාවිතයෙන් ස්වයංවින්දනයේ යෙදෙනු නිරූපණය කොට ඇත.[6]
- බාහිර බිත්තිවල පිහිටි ප්‍රතිමා තීරු ත්‍රිත්වය
- පිටත බිත්තියේ ප්රතිමාවල සමීප දසුන්
- දේවතාවියක්
- පෙම් යුවළක්
- ඇසෙහි අඳුන් තවරන සුරසුන්දරියක්
- සුරසුන්දරියන් සහ ව්‍යාල රූ වලින් වටාවූ තීර්ථංකර රූප
මායා චතුරස්‍රය
සංස්කරණය![](http://upload.wikimedia.org/wikipedia/commons/thumb/3/3e/Magic_square_at_the_Parshvanatha_temple%2C_Khajuraho.png/150px-Magic_square_at_the_Parshvanatha_temple%2C_Khajuraho.png)
මෙම දේවාලයේ ශිලා ලේඛනයක "ජෛන චතුරස්‍රය" නැමැති මායා චතුරස්‍රයක් ඇත. මෙය මෙතෙක් හඳුනාගෙන ඇති පැරණිතම 4x4 මායා චතුරස්‍රවලින් එකකි.[7] එසේම මෙය පැරණිතම හඳුනාගත් වඩාත් පරිපූර්ණ මායා චතුරස්‍ර අතුරින් ද එකකි.[8]
මෙම මායා චතුරස්‍රයේ 1 සිට 16 දක්වා සියලු අංක ඇතුළත් වේ. මෙහි ඕනෑම තිරස් තීරුවක, සිරස් පේළියක හෝ විකර්ණ දිගයේ වූ ඕනෑම පේළියක සංඛ්‍යාවන්ගේ එකතුව 34කි.[9]
7 | 12 | 1 | 14 |
2 | 13 | 8 | 11 |
16 | 3 | 10 | 5 |
9 | 6 | 15 | 4 |
7 | 12 | 1 | 14 |
2 | 13 | 8 | 11 |
16 | 3 | 10 | 5 |
9 | 6 | 15 | 4 |
7 | 12 | 1 | 14 |
2 | 13 | 8 | 11 |
16 | 3 | 10 | 5 |
9 | 6 | 15 | 4 |
7 | 12 | 1 | 14 |
2 | 13 | 8 | 11 |
16 | 3 | 10 | 5 |
9 | 6 | 15 | 4 |
මෙහි කොන් සතරේ ඇති කුඩා 2x2 චතුරස්‍රවල ඇති සංඛ්‍යාවන්ගේ එකතුව මෙන්ම මධ්‍යයේ ඇති 2x2 චතුරස්‍රය තුළ ඇති සංඛ්‍යාවල එකතුව ද 34ක් වේ.[9]
7 | 12 | 1 | 14 |
2 | 13 | 8 | 11 |
16 | 3 | 10 | 5 |
9 | 6 | 15 | 4 |
7 | 12 | 1 | 14 |
2 | 13 | 8 | 11 |
16 | 3 | 10 | 5 |
9 | 6 | 15 | 4 |
7 | 12 | 1 | 14 |
2 | 13 | 8 | 11 |
16 | 3 | 10 | 5 |
9 | 6 | 15 | 4 |
මෙම මායා චතුරස්‍රයේ කැඩි විකර්ණවල එන සංඛ්‍යාවන්ගේ ඓක්‍යය ද 34කි. උදාහරණ වශයෙන්, 7 + (6 + 10 + 11) = 34 වේ.[10]
7 | 12 | 1 | 14 |
2 | 13 | 8 | 11 |
16 | 3 | 10 | 5 |
9 | 6 | 15 | 4 |
7 | 12 | 1 | 14 |
2 | 13 | 8 | 11 |
16 | 3 | 10 | 5 |
9 | 6 | 15 | 4 |
7 | 12 | 1 | 14 |
2 | 13 | 8 | 11 |
16 | 3 | 10 | 5 |
9 | 6 | 15 | 4 |
7 | 12 | 1 | 14 |
2 | 13 | 8 | 11 |
16 | 3 | 10 | 5 |
9 | 6 | 15 | 4 |
ආශ්‍රේයයන්
සංස්කරණයග්රන්ථාවලිය
සංස්කරණය![](http://upload.wikimedia.org/wikipedia/commons/thumb/4/4a/Commons-logo.svg/30px-Commons-logo.svg.png)
- Ali Javid; Tabassum Javeed (2008). World Heritage Monuments and Related Edifices in India. Algora. ISBN 978-0-87586-482-2.
{{cite book}}
: Invalid|ref=harv
(help) - Amir D. Aczel (2015). Finding Zero: A Mathematician's Odyssey to Uncover the Origins of Numbers. St. Martin's Press. ISBN 978-1-4668-7910-2.
{{cite book}}
: Invalid|ref=harv
(help) - "Parsvanatha Temple". Archaeological Survey of India, Bhopal Circle. සම්ප්‍රවේශය 2016-11-16.
- "Alphabetical List of Monuments - Madhya Pradesh". Archaeological Survey of India, Bhopal Circle. සම්ප්‍රවේශය 2016-11-16.
- Clifford A. Pickover (2011). The Zen of Magic Squares, Circles, and Stars: An Exhibition of Surprising Structures across Dimensions. Princeton University Press. ISBN 1-4008-4151-8.
{{cite book}}
: Invalid|ref=harv
(help) - George Katsirelos; Toby Walsh (2010). Symmetries of Symmetry Breaking Constraints (ECAI 2010 Proceedings). IOS. ISBN 978-1-60750-605-8.
{{cite book}}
: Invalid|ref=harv
(help) - Julia A. B. Hegewald (2006). Peter Flügel (ed.). Studies in Jaina History and Culture: Disputes and Dialogues. Routledge. ISBN 978-1-134-23552-0.
{{cite book}}
: Invalid|ref=harv
(help) - Sisirkumar Mitra (1977). The Early Rulers of Khajurāho. Motilal Banarsidass. ISBN 9788120819979.
{{cite book}}
: Invalid|ref=harv
(help)