මැලේසියා එයාර්ලයින්ස් 17 පියාසැරිය

මැලේසියා එයාර්ලයින්ස් පියාසැරි 17 (MH17/MAS17)[lower-alpha 1] යනු මැලේසියා ගුවන් සේවයට අයත් අන්තර්ජාතික මගී ප්‍රවාහන ගුවන් යානාවක් වූ අතර, එය 2014 ජූලි 17 වන දින ඇම්ස්ටර්ඩෑම් ගුවන්තොටුපළෙහි සිට ක්වාලාලම්පූර් ජාත්‍යන්තර ගුවන්තොටුපළ දක්වා පියාසර කරමින් සිටියදී, භූමියේ සිට එල්ල කරන ලද මිසයිල ප්‍රහාරයකට (බක් මිසයිල) ගොදුරු වීම නිසා යුක්රේනයට අයත් ප්‍රදේශයකදී විනාශයට පත්විය.[4] ගුවන්යානයේ ඒ අවස්ථාවේ ගමන් ගනිමින් සිටි 283 ක් වූ සියළුම මගී සංඛ්‍යාව සහ කාර්ය මණ්ඩලයේ සිටි 15 දෙනෙකු මෙම ඛේදවාචකයෙන් ජීවිතක්ෂයට පත්විය.[5][6] යුක්රේන–රුසියානු දේශසීමාවේ සිට කිලෝ මීටර 50 ක් පමණ දුරින් පිහිටි යුක්රේනයට අයත් Donetsk Oblastහී Hrabove වලට නුදුරු ප්‍රදේශයේදී මෙම බෝයිං 777-200ER මගී ගුවන් යානයේ සියළුම සංනිවේදන සම්බන්ධතා ඇණහිට තිබෙන අතර ගුවන්යානය යුක්රේන–රුසියානු දේශසීමාවේ සිට කිලෝ මීටර 40 ක් පමණ දුරින් පිහිටි Torez ප්‍රදේශයට කඩා වැටී තුබුණි.[7] ගුවන් යානය කඩා වැටුණු ප්‍රදේශය වර්ථමානයේ කැරැල්ලක් ක්‍රියාත්මක ඩොන්බාස් නම් ජනතා හමුදාවක් (Donbass People's Militia) යටතේ පාලනය වන ගැටුම් බහුල ප්‍රදේශයකි.

මැලේසියා එයාර්ලයින්ස් 17 පියාසැරිය
9M-MRD, සිදුවීමට සම්බන්ධ ගුවන් යානය, (2011 ඔක්තෝම්බර්)
ප්‍රහාරයකින් බිම හෙළූ ගුවන් යානය පිළිබඳව
දිනය17 ජූලි 2014 (2014-07-17)
කෙටි විස්තරය2014 ජූලි 17 වන දින ගුවනේදී එල්ල වූ මිසයිල ප්‍රහාරයක් හේතුවෙන් ගුවන් යානය කඩා වැටුණි. (පරික්ෂණ සිදුවෙයි)[1][2]
ස්ථානයHrabove ආසන්නව, Donetsk Oblast, යුක්රේනය
48°8′17″N 38°38′20″E / 48.13806°N 38.63889°E / 48.13806; 38.63889ඛණ්ඩාංක: 48°8′17″N 38°38′20″E / 48.13806°N 38.63889°E / 48.13806; 38.63889
මගීන් ප්‍රමාණය283
කාර්ය මණ්ඩලය15
මරණ ප්‍රමාණය298 (සියළු දෙනාම)
දිවි බේරාගත් ප්‍රමාණය0
ගුවන්යානා වර්ගයබෝයිං 777-2H6ER
ක්‍රියාකරුමැලේසියා එයාර්ලයින්ස්
ලියාපදිංචිය9M-MRD
පටන් ගැන්මAmsterdam Airport Schiphol
ගමනාන්තයක්වාලාලම්පූර් ජාත්‍යන්තර ගුවන්තොටුපළ

කඩා වැටීම

සංස්කරණය
මැලේසියා එයාර්ලයින්ස් පියාසැරි 17 හී නියමිතව තුබූ ගමන් මාර්ගය

ඇම්ස්ටර්ඩෑම් ගුවන්තොටුපළෙහි (Amsterdam Airport Schiphol) G03 ප්‍රවේශය හරහා පැය 10:14 (ජාත්‍යන්තර සම්මත වේලාව)[8] ට ගමන් ඇරඹූ ගුවන් යානය ක්වාලාලම්පූර් ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙතට පැය 22:00 වන විට පැමිණීමට නියමිතව තිබුණි.[lower-alpha 2]

කලාපයෙහි සියළුම ගුවන් මාර්ගගත කිරීම්හී වගකීම දරණ යූරෝකන්ට්‍රෝල් (Eurocontrol) විසින් පවසන අන්දමට අනතුර සිදුවන අවස්ථාවේදී ගුවන් යානය 330 ක පමණ පියාසැරි මට්ටමක (අඩි 33,000 හෝ මීටර 10,060) පැවති බව සඳහන්ය.[14]

මැලේසියානු ගුවන් සේවය පවසන ආකාරයට විනාශයට පත්වූ ගුවන් යානය සමග තිබූ යුක්රේනියානු ATC සම්බන්ධතාවය පැය 14:15 ට (ජාත්‍යන්තර සම්මත වේලාව) ඇණ හිට තිබෙයි.[lower-alpha 3] මේ අවස්ථාව වන විට ගුවන් යානයෙහි පිහිටීම 47°51′24″N 39°13′6″E / 47.85667°N 39.21833°E / 47.85667; 39.21833, ලෙස සඳහන්ව තිබී ඇති අතර,[15][16] ගුවන් යානයෙහි හදිසි අවස්ථා පිහිටුම 48°07′23″N 38°31′33″E / 48.12306°N 38.52583°E / 48.12306; 38.52583 ලෙසද සටහන්ව තිබී ඇත.[17] පැය 13:21 ට ෆ්ලයිට්රේඩාර්24 (Flightradar24) මගින් ග්‍රහණය කොට ගෙන තිබූ ගුවන් යානයෙහි අවසන් සම්ප්‍රේෂ ප්‍රතිචාරක පිහිටුම 48°02′25″N 38°46′22″E / 48.0403°N 38.7728°E / 48.0403; 38.7728 ලෙස සඳහන් වෙයි.[18][19][20]

එල්ල වූ ප්‍රහාරයක් හේතුවෙන් ගුවන් යානය නැගෙනහිර යුක්රේනයේ Donetsk Oblast හී Torez වලට ආසන්න Hrabove ප්‍රදේශයට කඩා වැටුණු අතර,[7] ඊට අයත් යැයි විශ්වාස කෙරෙන දර්ශන, රූපරාමු ගතව ඇති බවටද තොරතුරු සඳහන් වෙයි.[21]

ෆ්ලයිට්රේඩාර්24 වාර්ථාවන්ට අනූව සිංගප්පූරු ගුවන් සේවයට අයත් බෝයිං 777-200ER සහ එයාර් ඉන්ඩියා ගුවන් සේවයට අයත් බෝයිං 787-8 යන වර්ගවල ගුවන් යානා ද්විත්වයක්ද, මැලේසියානු ගුවන් යානය විලුප්ත වූ අවස්ථාවේදී කිලෝමීටර 25 ක් පමණ එකිනෙකට දුරින් ගමන් කරමින් තුබූ බව පැවසෙයි.[22]

ගුවන් යානය කඩා වැටීමට ලක්වූ භූමියේදී ලබාගත් ඡායාරූපයන්හී, ගුවන් යානයේ සුන්බුන්, එන්ජින් කොටස්, මල සිරුරු, සහ විදෙස් ගමන් බලපත්‍ර යනාදිය සටහන්ව තිබූ බව වාර්ථා වෙයි.[23] ඊට අමතරව ගුවන් යානාවෙහි සමහරක් සුන්බුන් හා මලසිරුරු Hrabove හී නිවෙස් අසලට හා තුලට වැටී තුබූ බව සඳහන්ය.[24][25]

යානයේ ගමන් ගත් මගීන් සහ කාර්ය මණ්ඩලය

සංස්කරණය
මැලේසියා එයාර්ලයින්ස් පියාසැරි 17 හි සිටි මගීන් සහ කාර්ය මණ්ඩලය[26][27]
ජාතිකත්වයමගීන් ප්‍රමාණය
 ඕස්ට්‍රේලියාව27
 බෙල්ජියම4
 කැනඩාව[lower-alpha 4][28]1
 ජර්මනිය[lower-alpha 5]4
 ඉන්දුනීසියාව12
 මලයාසියාව43[lower-alpha 6]
 නෙදර්ලන්තය[lower-alpha 7]193
 නවසීලන්තය1
 පිලිපීනය3
 එක්සත් රාජධානිය[lower-alpha 8]10
එකතුව298

යානයේ ගමන් ගත් මගීන් 283 දෙනෙකු සහ කාර්ය මණ්ඩලයේ සිටි 15 දෙනෙකු ඇතුළු පුද්ගලයින් 298 දෙනෙකු මින් ජීවිතක්ෂයට පත්විය.[29][30][31] කාර්ය මණ්ඩලයේ වූ සියළුම දෙනා මලයාසියානු ජාතිකයින් වූ අතර මගී ප්‍රමාණයෙන් තුනෙන් දෙකක සංඛ්‍යාවක පිරිසක් නෙදර්ලන්ත ජාතිකයෝ වූහ.[26][32][33] 2014 ජූලි 19 වන දිනදී, ගුවන් යානයේ ගමන් ගත් මගීන් සහ කාර්ය මණ්ඩලයේ සියළු දෙනාගේම අනන්‍යතාවය සහිත විස්තර මුදා හරින ලදී.[26]

අනතුර සිදුවූ අවස්ථාවේ ගුවන් යානය තුල අවම වශයෙන් පවුල් 20 ක පමණ සංඛ්‍යාවක සාමාජික සාමාජිකාවන් පිරිසක් සිටින්නට ඇතැයි විශ්වාස කෙරෙන අතර, මිය ගිය මගී සංඛ්‍යාවෙන් 80 දෙනෙකුම කුඩා දරුවන් බව සඳහන්ය.[34][35]


මේවාද බලන්න

සංස්කරණය

බාහිර සබැදි

සංස්කරණය

උපන්‍යාස සටහන

සංස්කරණය
  1. MH is the IATA designator and MAS is the ICAO designator. The flight is also marketed as KLM Flight 4103 (KL4103) through a codeshare agreement.[3]
  2. The Wall Street Journal cited a report from FlightAware which stated that 17 July was the first day in July that Flight 17 flew so far north over eastern Ukraine; on the previous 16 days it "appeared to fly just south of the restricted airspace, according to FlightAware".[9] FlightAware has no coverage over Ukraine;[10] and all of the track reported for MH17 on the previous day's flight beyond 51°10′23″N 24°23′55″E / 51.17306°N 24.39861°E / 51.17306; 24.39861 is based on estimates.[11] Another tracking site, Flightradar24, shows that MH17 consistently flew over separatist held areas, between Donetsk and Horlivka, in the previous 16 days.[12] Nico Voorbach, president of the European Cockpit Association, believed that poor weather on the usual southerly route on 17 July prompted the diversion.[13]
  3. The time stated by Malaysia Airlines is erroneous; the correct time should be 13:15 (UTC) or 14:15 (WEST).
  4. Dual Canadian-Romanian citizen boarding with Canadian passport.
  5. Including:
    • 1 dual German-Dutch citizen
  6. Including 15 crew
  7. Including:
    • 1 dual Dutch-Belgian citizen;
    • 1 dual Dutch-Israeli citizen;
    • 1 dual Dutch-Italian citizen;
    • 1 dual Dutch-American citizen
  8. Including:
    • 1 dual British-South African citizen; and
    • 1 dual British-New Zealand citizen.

මූලාශ්‍ර

සංස්කරණය
🔥 Top keywords: කාලස් පුයිජ්දෙමොන්විශේෂ:ගවේෂණයමුල් පිටුවසූනන් ඇඟ වැටීමේ ඵලාඵලදුටුගැමුණු රජසාර ධර්මසාහිත්‍යයවිකිපීඩියා:Contact usඅධ්‍යාපනයසීගිරියඅනගාරික ධර්මපාලඅපරාධකුමාරතුංග මුනිදාසසිංහල සාහිත්‍යයසිංහල ජනකවිළමා අපයෝජනයපළමුවන විජයබාහු රජමාර්ටින් වික්‍රමසිංහපළමුවන පරාක්‍රමබාහු රජමෛත්‍රි බුදුන් වහන්සෙපරිසර දූෂණයමත්ද්‍රව්‍යශ්‍රී ලංකාවරුවන්වැලිසෑයශ්‍රී ලංකාවේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසපණ්ඩුකාභය රජඑස්‌. මහින්ද හිමිමෛත්‍රී බෝධිසත්වස්ත්‍රී ස්වයං වින්දනයසාමය10 ශ්‍රේණිය සිංහල සාහිත්‍යා වන “හානා හීය පානා අඪහැරෙන් දැනේ”ළමා අයිතිවාසිකම් - ශ්‍රී ලංකාසංස්කෘතියසී.ඩබ්.ඩබ්. කන්නන්ගරදේවානම්පිය තිස්ස රජවසභ රජශ්‍රී දළදා මාළිගාවවොලිබෝල්ශ්‍රී පාදස්ථානය