රෝයි (චිත්‍රපටය)

රෝයි යනු 2015 ඉන්දියානු ප්‍රේම වෘත්තාන්ත නාට්‍ය චිත්‍රපටයකි. මෙය අධ්‍යක්ෂණය කරන ලද්දේ ආධුනික අධ්‍යක්ෂක වික්‍රම්ජිත් සිං විසිනි. මෙය නිෂ්පාදනය කරන ලද්දේ භූෂන් කුමාර්, ක්‍රිෂාන් කුමාර්, දිව්‍යා ඛෝස්ලා කුමාර් සහ අජේ කපූර් විසින් ෆ්‍රීවේ පික්චර්ස් යටතේ ය.[3] චිත්‍රපටයේ ප්‍රධාන චරිත නිරූපණය කරනු ලබන්නේ අර්ජුන් රාම්පාල් සහ ජැකලීන් ෆර්නැන්ඩස් විසිනි. මෙහි තේමා චරිතය රන්බීර් කපූර් විසින් ද, සෙසු සහාය චරිත ෂේර්නාස් පටෙල්, රාජිත් කපූර් සහ ෂිබානි දණ්ඩේකාර් විසින් ද නිරූපණය කරනු පබයි. අනූපම් ඛේර් ද පසුබිම් රංගනයෙන් දායක වෙයි. මෙම චිත්‍රපටයට පාදක වී ඇත්තේ සොරකම් සහ මංකොල්ලකෑම් පිළිබඳ රචනය සහ චිත්‍රපටය අධ්‍යක්ෂණය සිදුකරන චිත්‍රපට නිර්මාණකරුවකු පිළිබඳවයි. චිත්‍රපටයේ මංගල දර්ශනය 2015 පෙබරවාරි 12 දින ඩුබායිහි දී ප්‍රදර්ශනය කෙරුණු අතර, 2015 පෙබරවාරි 13 සිට ලොව පුරා පදර්ශනයට මුදාහැරිණි.[4]

රෝයි
සිනමාහල් නිකුතු ‍පෝස්ටරයක්
අධ්‍යක්‍ෂණයවික්‍රම්ජිත් සිං
රචනයවික්‍රම්ජිත් සිං
නිශ්පාදනයභූෂන් කුමාර්
දිව්‍යා ඛෝස්ලා කුමාර්
ක්‍රිෂාන් කුමාර්
රංගන ශිල්පීන්
සිනෙමාරූපණයහිම්මන් ධමීජා
සංස්කරණයදීපිකා කල්රා, රජත් අරෝරා
සංගීතයගීත:
අංකිත් තිවාරි
අමාල් මලික්
මීට් බ්‍රොස් අංජාන්
පසුබිම් සංගීතය:
සන්ජෝයි චෞධරි
Production
company
බෙදාහැරීමAA ෆිල්ම්ස්
වයිට් හිල් ප්‍රොඩක්ෂන්ස්
නිකුත්වූ දිනය
  • 13 පෙබරවාරි 2015 (2015-02-13)
තිර කාලය
මිනිත්තු 147
රටඉන්දියාව
භාෂාවහින්දි
පිරිවැයINR මිලියන 400[1]
ආදායමඇස්ත. INR මිලියන 560[2]

කථාපුවත

සංස්කරණය

කබීර් ගරේවාල් (අර්ජුන් රාම්පාල්) යනු ප්‍රේම සබඳතා ගණනාවක් හේතුවෙන් ප්‍රසිද්ධියට පත් චිත්‍රපට නිර්මාණකරුවකු සහ තිර රචකයකු වන අතර, ඔහු සොරුන්ගේ දිවිය සහ සොරකම් පාදක කරගනිමින් චිත්‍රපට ගණනාවක් (GUNS තුන් ඈඳුතු චිත්‍රපට) නිර්මාණයෙහි නියැළෙයි. ඔහුගේ සියලුම චිත්‍රපට අතිශයින් සාර්ථකත්වයට පත්වේ. චිත්‍රපට මාලාවේ තෙවන චිත්‍රපටය රූගත කිරීම සඳහා ඔහු මැලේසියාව වෙත යන අතර, එහි දී ඔහුට ලන්ඩන් මූලික කරගත් චිත්‍රපට නිර්මාණකාරිණියක වන අයේෂා (ජැකලීන් ෆර්නැන්ඩස්) මුණගැසෙයි. මිතුරන් බවට පත්වන කබීර් සහ අයේෂා නොබෝ කලකින්ම පෙම්වතුන් බවට පත්වෙති. නමුත් කබීර්ගේ පෙම් සබඳතා පිළිබඳ දැනගන්නා විට අයේෂා ඔහුව අත්හැර ලන්ඩන් වෙත පැමිණෙයි. මෙම ප්‍රතික්ෂේප කිරීමෙන් කම්පනයට පත්වන කබීර් නැවත මුම්බායි වෙත පැමිණෙන්නේ සිය චිත්‍රපටයේ කටයුතු අවසන් නොකරමිනි. ප්‍රයත්න කිහිපයකට පසු, චිත්‍රපටයට උච්චතම දර්ශනයක් සොයාගැනීමට කබීර් අපොහොසත් වේ. ඇගේ සහායිකා මීරාගේ (ෂර්නාස් පටෙල්) යෝජනාවක් අනුව, කබීර් චිත්‍රපට උළෙලකට සහභාගී වන්නේ ජූරි සභිකයකු ලෙසයිත එහි දී අයේෂාගේ චිත්‍රපට තිරගත වේ. කබීර් තමන් පසුපස පැමිණෙන්නේ යැයි සිතන අයේෂා ඔහුට සිය දිවියෙන් ඈත්ව සිටින ලෙස පවසයි. ඔහුගේ පියාගේ (අනූපම් ඛේර්) මරණින් පසු චිත්‍රපටයේ අනග්‍රාහකයින් විදික් ඔහුට නඩු පවරයි. මේ නිසා කබීර් සිය චිත්‍රපටය සම්පූර්ණ කිරීමට තීරණය කරයි.

කබීර්ගේ Guns 3 චිත්‍රපටයේ මනඃකල්පිත චරිත ඇතුළත් විකල්ප කථාපුවතක කුප්‍රකට රෝයි (රන්බීර් කපූර්) නම් අද්භූත ජාත්‍යන්තර කලා කෘති සොරකු ඇතුළත් ය. මෙ තැනැත්තාගෙන් මිදීමට කිසිදු රටක් අසමත් වන අතර, රහස් පරීක්ෂක වාඩියා (රාජිත් කපූර්) ද ඔහුව ඇල්ලා ගැනීමට අපොහොසත් වේ. සිය නව රාජකාරිය ලෙස රෝයි නොදන්නා ස්ථානය්ක වෙත යන්නේ එහි වූ අගනා සිතුවමක් සොරකම් කිරීමටයි. එහි දී ඔහුට එහි හිමිකාරිණිය රූමත් ටියා (මෙම චරිතය නිරූපණය කරන්නේ ද ජැකලීන් ෆර්නැන්ඩස් විසිනි) බව දැනගන්නට ලැබෙයි. ටියා දිවිගෙවන විශාල මන්දිරය තුළ සිතුවම තැන්පත් කොට ඇත. මේ නිසා රෝයි ටියා සමග මිතුරු වීමට සිතා කලා වෙන්දේසියකට සහභාගී වන අතර, එහි දී ඇය විමතියට පත්වෙයි. ඔවුන් දෙදෙනා එක්ව කාලය ගතකරන අතර, රෝයි හට මන්දිරයට පිවිසීමට අවස්ථාව හිමි වේ. නියම අවස්ථාව එළඹෙන තෙක් බලා සිටි රෝයි එක් රාත්‍රියක සිතුවම ද රැගෙන පලා යයි. ටියා ඉමහත් දොම්නසට පත්ව සිටියි. පසුව රෝයි පසුතැවිලි වන්නේ තම්න පැබැවින්ම ටියාට පෙම්කරන බව වටහා ගැනීමෙනි. මේ නිසා සිතුවම ඇයට නැවත භාරදීමට ඔහු තීරණය කරයි. චිත්‍රයේ නව හිමිකරු සමග කුඩා ගැටුමකින් පසුව, රෝයි එය නැවත ලබාගැනීමට සමත් වේ. සිතුවම ලබාගැනීමෙන් පසුව, රෝයි වෙනස් වී ඇති බව වටහා ගන්නා ටියා ඔහුට සමාව ලබා දෙයි.

මේ අතර, කබීර්ගේ චිත්‍රපටය වන Guns 3 මුදාහැරෙන අතර, එය අතිශයින් සාර්ථකත්වයට පත්වේ. අවසානයේ කබීර් අයේෂාට විවාහ යෝජනාවක් ගෙන එන අතර, ඔවුන් දෙදෙනා යළි එක් වන්නේ කබීර්ගේ චිත්‍රපටයේ රෝයි සහ ටියා සේ ය. චිත්‍රපටය අවසන් වන්නේ රෝයි සහ ටියා සොරකම් කෙරුණු සිතුවමට සමාන පාලමක් මත ඇවිද යන දර්ශනයෙනි.

චරිත නිරූපණය

සංස්කරණය

නිෂ්පාදනය

සංස්කරණය

චිත්‍රපටය නිෂ්පාදනය කරන ලද්දේ 40 කෝටි (US$6.2 මිලියන) අයවැයක් සහිතව වන අතර, මෙයට 30 කෝටි (US$4.7 මිලියන)ක නිෂ්පාදන සහ 10 කෝටි (US$1.6 මිලියන)ක P&A වියදමක් ඇතුළත් විය. චන්ද්‍රිකා අයිතීන් මගින් චිත්‍රපටය 25 කෝටි (US$3.9 මිලියන)ක ආදායමක් උපයාගත් අතර, සංගීත අයිතීන් මගින් 6 කෝටි (US$940,000) සහ විදෙස් ප්‍රදර්ශන අයිතීන් මගින් 6 කෝටි (US$940,000)කඅආදායමක් ද උපයාගෙන ඇත.[5]

ප්‍රවර්ධනය සහ අලෙවිකරණය

සංස්කරණය

චිත්‍රපටයේ ට්‍රේලරය 2014 දෙසැම්බර් 17 දින මුදාහැරිණි. මෙය පැය 24ක් ඇතුළත යූටියුබ් ඔස්සේ මිලියන 1කට අධික පිරිසක් විසින් නරඹා තිබිණි. බිග් බොස් සහ කොමඩි නයිට්ස් විත් කපිල් වැනි සුප්‍රකට රියැලිටි වැඩසටහන්වල දී චිත්‍රපටය ප්‍රවර්ධනය කෙරිණි.

විචාරක පිළිගැනීම

සංස්කරණය

ඉන්ඩියන් එක්ස්ප්‍රස් චිත්‍රපට විචාරකයා විසින් චිත්‍රපටයට ලබාදුන්නේ තරු පහෙන් 0.5ක් පමණක් වන අතර, ඔහු ප්‍රශ්න නැගූයේ "මෙවැනි චිත්‍රපටයක රන්බීර් කපූර් සිදු කරන්නේ කුමක් ද?" යනුවෙනි.[6] ibnliveහි රජීව් මසාන්ද් මෙයට තරු එකක් පමණක් ලබාදෙමින් පැවසූයේ "චිත්‍රපටය අලස අයුරින් කොර ගසමින් යන අතර, අනුමාන කළ හැකි වෙළුණු අවසානයක් සහිතව එය ඇද වැටේ."[7]

ධ්වනිපථය

සංස්කරණය
රෝයි
ධ්වනිපථ ඇල්බමය , විසිනි
මුදාහැරුණේ9 ජනවාරි 2015 (2015-01-09)
ගණයවෘත්තාන්ත චිත්‍රපට ධ්වනිපථය
දිග34:48
ලේබලයටී-සීරීස්

රෝයිහි ගීත නිර්මාණය සිදුකොට ඇත්තේ අංකිත් තිවාරි, මීට් බ්‍රොස් අංජාන් සහ අමාල් මලික් විසිනි. එහි පද රචනය සිදු කරන ලද්දේ, කුමාර්, සංදීප් නාත් සහ අභේන්ද්‍ර කුමාර් උපධ්‍යායි විසිනි. චිත්‍රපටයේ සංගීත අයිතීන් ටී-සීරීස් විසින් අත් කරගන්නා ලදී. සන්ජෝයි චෞධරි විසින් චිත්‍රපට ස්වර ලිපි නිර්මාණය සිදුකළේ ය.

මුදාහැරීම

සංස්කරණය

පළමු කේවලය වූ, අරිජිත් සිං, ආදිති සිං ෂර්මා විසින් ගයන සහ අමාල් මලික් විසින් සංගීත නිර්මාණය කළ "සූරජ් දූබා හේන්" ගීතය 2014 දෙසැම්බර් 22 දින මුදාහැරිණි. සම්පූර්ණ ඇල්බමයම ඩිජිටලීකෘත අයුරින් මුදාහරුණේ 2015 ජනවාරි 9 දින ය.[8] මෙහි අමතර Remix EP එකක් 2015 ජනවාරි 27 දින මුදාහැරිණි.[9]

පථ ලැයිස්තුව

සංස්කරණය
රෝයි (නියම සල රූ ධ්වනිපථය)
අංකය.ගීතයගී පදවැලසංගීතයගායක(යින්)කාලය
1. "සූරජ් දූබා හේන්"  කුමාර්අමාල් මලික්අරිජිත් සිං, ආදිති සිං ෂර්මා 4:24
2. "තු හේ කි නහී"  අභේන්ද්‍ර කුමාර් උපධ්‍යායිඅංකිත් තිවාරිඅංකිත් තිවාරි 5:33
3. "චිටියාන් කලයියාන්"  කුමාර්මීට් බ්‍රොස් අංජාන්කණිකා කපූර්, මීට් බ්‍රොස් අංජාන් 4:05
4. "යාරා රේ"  සංදීප් නාත්අංකිත් තිවාරිකේකේ 4:57
5. "බූන්ඩ් බූන්ඩ්"  අභේන්ද්‍ර කුමාර් උපධ්‍යායිඅංකිත් තිවාරිඅංකිත් තිවාරි 5:21
6. "තු හේ කි නහී (Unplugged)"  අභේන්ද්‍ර කුමාර් උපධ්‍යායිඅංකිත් තිවාරිතුල්සි කුමාර් 5:34
7. "සූරජ් දූබා හේන් (ප්‍රභේදය 2)"  කුමාර්අමාල් මලික්ආදිති සිං ෂර්මා, අරිජිත් සිං 4:24
සම්පූර්ණ දිග:
34:48

පිළිගැනීම

සංස්කරණය

රෝයිහි ගීත විචාරකයන් වෙතින් යහපත් ප්‍රතිචාර හිමි කරගත්තේ ය. Rediff විසින් මෙහි ඇල්බමයට තරු 5න් 4ක් ලබාදෙමින් පවසා ඇත්තේ එය "හැම අතින්ම ජයග්‍රාහකයකු" බවයි.[10] කොයිමොයි විසින් ප්‍රකාශයට පත්කොට තිබුණේ, "සැබැවින්ම දීර්ඝ කාලයකට පසුව, ඔබගේ දුකථනයෙන් සැනසිල්ලේ ඇසීමට තරම් වටිනා ගීත සහිත ඇල්බමයක් නිකුත් වී ඇත. මෙම ඇල්බමය නිසැකවම ඔබගේ ගීත දර්ශකයට ඇතුළත් වේවි."[11]

බොක්ස් ඔෆීස්

සංස්කරණය

චිත්‍රපටය ලොව පුරා 58 කෝටි (US$9.0 මිලියන) ක දළ ආදායමක් උපයා ගැනීමට සමත් විය.[12]

සම්මාන

සංස්කරණය
සම්මානයඋත්සවයේ දිනය[lower-alpha 1]ප්‍රවර්ගයලාභීන් සහ යෝජිතයින්නිර්දිෂ්ට කෘතියප්‍රතිඵලයආශ්‍රේ.
ෆිල්ම්ෆෙයාර් සම්මාන15 ජනවාරි 2016හොඳම සංගීත අධ්‍යක්ෂකඅමාල් මලික්, අංකිත් තිවාරි සහ මීට් බ්‍රොස් අංජාන්රෝයිදිනාගති[13]
හොඳම පද රචකයාකුමාර්"සූරජ් දූබා හේන්"නිර්දේශිත
හොඳම පිළිවැයුම් ගායකයාඅරිජිත් සිංදිනාගති
අංකිත් තිවාරි"තූ හේ කි නහී"නිර්දේශිත
GiMA සම්මාන6 අප්‍රේල් 2016හොඳම චිත්‍රපට ඇල්බමයඅමාල් මලික්, අංකිත් තිවාරි සහ මීට් බ්‍රොස් අංජාන්රෝයිනිර්දේශිත[14]
හොඳම චිත්‍රපට ගීතයඅමාල් මලික්, කුමාර්, අරිජිත් සිං සහ ආදිති සිං ෂර්මා"සූරජ් දූබා හේන්"නිර්දේශිත
හොඳම සංගීත අධ්‍යක්ෂකඅමාල් මලික්, අංකිත් තිවාරි සහ මීට් බ්‍රොස් අංජාන්රෝයිදිනාගති
හොඳම පද රචකයාකුමාර්"සූරජ් දූබා හේන්"නිර්දේශිත
හොඳම පිළිවැයුම් ගායකයාඅරිජිත් සිංනිර්දේශිත
හොඳම පිළිවැයුම් ගායිකාවකණිකා කපූර්"චිටියාන් කලයියාන්"නිර්දේශිත
අයිෆා සම්මාන26 ජූනි 2016හොඳම සංගීත අධ්‍යක්ෂණයඅමාල් මලික්, අංකිත් තිවාරි සහ මීට් බ්‍රොස් අංජාන්රෝයිදිනාගති[15]
හොඳම පිළිවැයුම් ගායිකාවකණිකා කපූර්"චිටියාන් කලයියාන්"නිර්දේශිත
හොඳම පිළිවැයුම් ගායකයාඅරිජිත් සිං"සූර්ජ් දූබා හේන්"නිර්දේශිත
මිර්චි සංගීත සම්මාන29 පෙබරවාරි 2016වසරේ ගීතයඅමාල් මලික්, කුමාර්, අරිජිත් සිං සහ ආදිති සිං ෂර්මානිර්දේශිත[16][17]
වසරේ ඇල්බමයඅමාල් මලික්, අංකිත් තිවාරි සහ මීට් බ්‍රොස් අංජාන්රෝයිනිර්දේශිත
වසරේ ගායකයාඅරිජිත් සිං"සූරජ් දූබා හේන්"නිර්දේශිත
වසරේ සංගීත නිර්මාණකරුවාඅමාල් මලික්නිර්දේශිත
ශ්‍රාවකයන්ගේ තේරීම වසරේ ඇල්බමයඅමාල් මලික්, අංකිත් තිවාරි සහ මීට් බ්‍රොස් අංජාන්රෝයිදිනාගති
වසරේ නැගී එන සංගීත නිර්මාණකරුඅමාල් මලික්"සූරජ් දූබා හේන්"දිනාගති
වසරේ නැගී එන පද රචකයාඅභේන්ද්‍ර කුමාර් උපධ්‍යායි"බූන්ඩ් බූන්ඩ්"දිනාගති
"තු හේ කි නහී"නිර්දේශිත
ස්ක්‍රීන් සම්මාන8 ජනවාරි 2016හොඳම සංගීත අධ්‍යක්ෂකඅමාල් මලික්, අංකිත් තිවාරි සහ මීට් බ්‍රොස් අංජාන්රෝයිදිනාගති[18]
ස්ටාර් ගිල්ඩ් සම්මාන1 ජනවාරි 2016හොඳම සංගීත අධ්‍යක්ෂකදිනාගති[19]
හොඳම පද රචකකුමාර්"සූරජ් දූබා හේන්"නිර්දේශිත
හොඳම පිළිවැයුම් ගායකයාඅරිජිත් සිංනිර්දේශිත
අංකිත් තිවාරි"තු හේ කි නහී"නිර්දේශිත
හොඳම පිළිවැයුම් ගායිකාවකණිකා කපූර්"චිටියාන් කලයියාන්"නිර්දේශිත
සී සිනේ සම්මාන20 පෙබරවාරි 2016හොඳම සංගීතයඅමාල් මලික්"සූරජ් දූබා හේන්"නිර්දේශිත[20]
හොඳම පිළිවැයුම් ගායකයාඅරිජිත් සිංදිනාගති
  1. සම්මාන උළෙල පිළිබඳ ලිපියක් ඇත්නම් ඒ වෙත සබැඳියක් යොමු කෙරේ.

ආශ්‍රේයයන්

සංස්කරණය

බාහිර සබැඳි

සංස්කරණය
"https:https://www.how.com.vn/wiki/index.php?lang=si&q=රෝයි_(චිත්‍රපටය)&oldid=663091" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි
🔥 Top keywords: කාලස් පුයිජ්දෙමොන්විශේෂ:ගවේෂණයමුල් පිටුවසූනන් ඇඟ වැටීමේ ඵලාඵලසාර ධර්මසාහිත්‍යයඅධ්‍යාපනයවිකිපීඩියා:Contact usදුටුගැමුණු රජසාමයශ්‍රී දළදා මාළිගාවසීගිරියශ්‍රී ලංකාවසංස්කෘතියරුවන්වැලිසෑයගෝලීයකරණයමාර්ටින් වික්‍රමසිංහස්ත්‍රී ස්වයං වින්දනයඅනගාරික ධර්මපාලපාසල්කළමනාකරණයලිංගික සංසර්ගයදෙවන ලෝක යුද්ධයමානව අයිතිවාසිකම්ප්‍රවර්ගය:ශ්‍රී ලංකාවේ ජාතික වීරයෝසිංහරාජ වනාන්තරයනායකත්‍වයසිංහල අක්ෂර මාලාවකුමාරතුංග මුනිදාසශ්‍රී ලංකා පොලිස් සේවයශ්‍රී ලංකාවේ සර්පයෝඑස්‌. මහින්ද හිමිමූලික අයිතිවාසිකම්මහා මංගල සුත්‍රයස්වයං වින්දනයසිංහල භාෂාවශ්‍රී ලංකාවේ විදුලි බලයලිංගික සංසර්ගික ඉරියව්ශ්‍රී ලංකාවේ කුල ක්‍රමය