වෙරළ ඛාදනය

සාගර ජලයේ ක්‍රියාකාරීත්වය හෙවත් සාගර ජලය ආශ්‍රිත නිර්මාණය වන සාගර තරංග,වඩදිය,බාදිය,හා දියවැල්වල බලපෑමෙන් වෙරළ ඛාදනය සිදුවේ.මෙහිදී ප්‍රබල වන්නේ සාගර තරංගයි.සාගර ජල තලය මතු පිටින් සුළඟ ගැටීම නිසා සාගර තරංග හෙවත් රළ නිර්මාණය වෙ.මෙම රළ වෙගයෙන් වෙරළේ වැදීම නිසා වෙරළ ඛාදනය උග්‍ර වෙයි.සෘතුමය සුළං,වාසුළි හා භුමි කමිපාවලදී හටගන්නා සුනාමි තරංගද ඛාදනය වේගවත් කරයි.

අධික සාගර ඛාදනය: එංගලන්තයේ නැගෙනහිර හන්ස්ටැන්ටන් හි කඳු බෑවුම

අතීතයේ සිට ස්වාභාවික ක්‍රියාවලියක් ලෙස වෙරළ ඛාදනය සිදුවුවද වර්තමානයේඑය ප්‍රබල කිරීමට විවිධ මානව ක්‍රියාතාරකමිද හේතු වී ඇත.තාක්ෂණික දියුණුව,සංවර්ධන ව්‍යාපෘති ජන‍ගහනය අධික වීම නිසා වෙරළ ඛාදනය ‍කෙරෙහි මානව බලපෑමි අධික වී ඇත.


වෙරළ ඛාදනය කෙරෙහි බලපා ඇති මානව ක්‍රියාකාරකම්

සංස්කරණය

1)තාක්ෂණික දියුණුව

කාර්මීකරණ  දියුණුවත් සමගම කර්මාන්තශාලා වලින් නිකුත් කරන වායු ආදියේ බලපෑම නිසා වායුගෝලීය උෂ්ණත්වය ක්‍රමයෙන් වැඩි වීඇත. එම වායුන් මගින් සුර්ය කිරණඋරාගැනීම නිසා වායුගෝලීය උෂ්ණත්වය ක්‍රම‍යෙන් වැඩි වී පෘිවි පරිසරය තාපවත් වීමත් ඒ නිසාධ්‍රැවාසන්න අයිස් තටිටු දියවීමත් හේතු කොට ගෙන සාගර ජල මටිටම වැඩි වී තිබේ.එලෙස සාගරජල මටිටම ඉහල නැගීම නිසා වෙරළබඩ ප්‍රදේශ ජලයෙන් යට වී වෙරළ ඛාදනය උග්‍ර වී ඇත.

2)මානව ජනාවාසවල බලපෑම

ලෝක ජන සංඛ්‍යාව සීග්‍රලෙස වර්ධන‍ය වීමත් සමග වෙරළාසන්න ප්‍රදේශවල අධික ජනගහනයක් පදිංචි වි ඇත.මේනිසා වෙරළාසන්න ජනාවාස ඉදිකිරීම,කඩොලාන පරිසරපද්ධති විනාශ කිරීම,අනෙකුත් වෙරළ සමිපත් පරි‍‍හෝජනය අධික වීම නිසා වෙරළේ ස්වාභාවික ආරක්ෂාව ඉවත් වී වෙරළ ඛාදනය ප්‍රබල වී ඇත.

කොරල්පර කැඩීම

සජීවී කොරල් ජීවීන් නැතිනම් කොරල් බුහුබාවන් හෙවත් පොලිප් ජීවියා මගින් වෙරළේ නිර්මාණමය වී ඇත xxx]]කැල්සියමි කාබනේටි වලින් සමන්විත කොරල් පාෂාණ වැටි කොරල් පාෂාණ ලෙස හදුන්වයි.මේවා වෙරළේ දියකඩන ස්ථාන ලෙස හදුන්වයි.මේවා වෙර‍ළේ ස්වාභාවික තාප්පයක් ලෙස ක්‍රියාකරයි.මේනිසා කොරල් වැටි මගින් වෙරළ ඛාදනය වලක්වයි.නමුත් වෙරළාශ්‍රිත ප්‍රදේශ රාශියක හුනු කර්මාන්තය නීති විරෝධී මසුන් ඇල්ලීම හා වෙනත් මානව ක්‍රියාකාරකමි නිසා කොරල්පර කැඩීම සිදුකරයි.සංචාරක කර්මාන්තයඅලංකාරය සදහා තබා ගැනීම විවිධ අ‍යෝග්‍ය ධීවර කටයුතු නිසාද කෙරල්පර විනාශවීමසිදුවේ.මේනිසා වෙරලේ තිබු ස්වාභාවික ආරක්ෂාව නැති වී වෙරළ ඛාදනය ප්‍රබලව සිදුවෙයි.

4)කඩොලාන ශාක ප්‍රජාව විනාශ කිරිම.

වෙරළාසන්න ප්‍රධානතම ස්වාභාවික වෘක්ෂලතා පද්ධතිය කඩොලාන පරිසරපද්ධතියයි.මෙමගින් වෙරළ කලාපය තරංග ඛාදනයෙන් ආරක්ෂා කරයි.නමුත් වර්තමානයේ මෙම කඩොලාන පරිසර පද්ධති විවිධ ඉදිකිරිමි,ආර්ථික කටයුතු,දැව සඳහා මෙන්ම ආරක්ෂක කටයුතු නිසාද එළිකිරීමි නිසා තරංග ගොඩබිම තුළට ඇදී ඒමෙන් වෙරළ ඛාදනය ප්‍රබල වී ඇත.

5)අයෝග්‍ය වෙරළ බැමි ඉදිකිරීම.

කිසියමි වෙරලාශ්‍රිත කලාපයක ඛාදනය ප්‍රබල වන විට වෙරළ ආරක්ෂා කිරීම සඳහා ඉංජිනේරැවන් විසින් විවිධ බැමි ඉදිකරනු ලබයි.විශේෂයෙන්ම තරංගවල ප්‍රබලත්වය හෝ ඒවායේ දිශාව පිළිබඳව විමර්ෂණය නොකර විවිධ බැමි වර්ග ඉදිකරනු ලබයි. එවිට එම බැමි විසින්තරංග ශක්තිය වෙනත් වෙරළාශ්‍රිත කලාපයක් කරා යොමු කිරීම නිසා එම වෙරළ ඛාදනය ප්‍රබල වේ.උදාහරන;ශ්‍රි ලංකාවේ පුත්තලම,තංගල්ල,බේරැවල වෙරළ.

6)වෙර‍‍ළේ විවිධ ගොඩනැගිලි ඉදිකිරීම.

වෙරළාසන්නයේ සංචාරක හෝටල්,ජනාවාස හා වෙනත් ගොඩනැගිලි ඉදිකාරීම

ගොනුව:Builbing.jpg

නිසා වෙරළ පටු වෙයි.එවිට වෙරළ ඛාදනය අවම කිරීමට යොදනු ලබන වෙරළ බැමි ඉදිකිරිමට අපහසු වෙයි.එමෙන්ම බැමි ඉදිකිරීමට ගෙන එන ගල් ප්‍රවාහනය කිරීමට මෙන්ම ගල්කුටිටි ඇතිරීමටඉඩ ෙනාලැබීම නිසා ෙවරළ ඛාදනය උග්‍ර වී අැත. උදාහරන;ශ්‍රි ලංකාවේ දකුණු වෙරළතීරය.

වෙරළ ඛාදනයේ ප්‍රතිඵල

සංස්කරණය

විවිධ ප්‍රදේශ වල සිදුවන වෙරළ ඛාදනය නිසා විවිධ ප්‍රතිඵල උද්ගතවීඇත.

1)ජනාවාස හා ගොඩනැගිලි විනාශ වීම

වෙරළ ඛාදනයේ ප්‍රධාන ප්‍රතිඵලයක් වන්නේ වෙරළාසන්න ජනාවාස විනාශ විමයි.ශ්‍රි ලංකාවේ බොහෝ වෙරළ ප්‍රදේශවල විශාල ජන සංඛ්‍යාවක් වාසය කරන නිසා ඔවුන්ගේ ජනාවාස කෙරෙහිවෙරළ ඛාදනය ප්‍රබල ලෙස බලපා ඇත.එම නිසා නිවාස විනාශ වීම,ජීවිත හානි වීම, වැඩි වී තිබේ.එමෙන්මසංචාරක හෝටල් විනාශ වීම,වෙරළ බඩ පොල් වගාව විනාශ වී ගිය ජනාවාස පුනරැත්තාපනයකිරීමට රජය විශාල වියදමක් දරනු ලබයි.

2)ගොඩබිම මුහුදට සේදීයාම.

වෙරළ ඛාදනයේ ප්‍රබලතම ගැටලුව ගොඩබිම මුහුද දෙසට ‍සේදීයාම හා ගොඩබිමි භුමිප්‍රමාණය අඩුවීමයි.ශ්‍රි ලංකාවේ කල්පිටිය සිට යාල දක්වා ඇති කිලෝමීටර් 685 තරම් දිග වෙරළාශ්‍රිතකොටස් වාර්ෂිකව වර්ග මීටර් 1,75,000-2,85,000 තරම් ගොඩබිම් කොටසක් වෙරළ ඛාදනය නිසා විනාශ වී යයි.උදාහරන;1840-1920 කාලය තුළ සීනිගම වෙරළාශ්‍රිතව පිහිටා තිබුණි.නමුත් එම කලාපයේ වෙරළ ඛාදනය ප්‍රබල වීම නිසා අද ගොඩබිම සිට සැතපුම් කාලක් දුරින් සීනිගම දේවාලය පිහිටා ඇත.

3)සංචාරක කර්මාන්තය කෙරෙහි බලපෑම.

ශ්‍රි ලංකාවේ දකුණු වෙරළ තීරය සංචාරක කර්මාන්තම සමඟ දැඩිව බැඳි පවතී.ශ්‍රි ලංකාවේ ශ්‍රේණිගත හෝටල් වලින් 75% ද හෝටල් කාමර වලින් 80% ද පිහිටා ඇත්තේ වෙරලාශ්‍රිත පටු බිම් තීරයකි.වෙරළ ඛාදනය ප්‍රබල වන විට හෝටල් වලටත්,ගිමන්හල් වලටත් භෝජනහල්,පිහිනුමි තටාක වැනි ගොඩනැගිලි වලටත්හානි පැමිනේ.මෙවන විටද සංචාරක කර්මාන්තය ආශ්‍රිත සමහර ගොඩනැගිලි විනාශ වී ඇත.එමෙන්ම වෙරළ ඛාදනය නිසාද දංචාරක හොටල් පසුපස වෙරළ ප්‍රමාණයෙන් කුඩා වීම නිසා ඒවාට පැමීණෙන සංචාරකයින් අඩුවීමෙන්ද වෙරළ ඛාදනය සංචාරක කර්මාන්තය ෙකෙරහි බලපා අැත.

4)ධීවර කර්මාන්තය කෙරෙහි බලපෑම.

වෙරළාශ්‍රිත විශාල ංනතාවක‍ගේ ප්‍රධාන කරමාන්තය ධීවර කර්මාන්තයයි. මේ මඟින් විශාල පිරිසක් සිය ජීවනෝපාය ‍ගෙන යයි.එමෙන්ම වෙරළාශ්‍රිත ධීවර වරායන්.ජැටි ,ශීතාගාර විශාල වශයෙන් පිහිටුවාඇත.වෙරළ ඛාදනය ප්‍රබල වීමත් සමඟම මෙම ධීවර වරායන් වෙරළ ඛදනයට ලක්වීමෙන් ධීවර යාත්‍රා වලටද බරපතල හානි සිදු වී ඇත.

5)ගමනාගමනයට බාධා ඇති වීම.

වෙරළ ඛාදනය ප්‍රබල වීමෙන් වෙරළාශ්‍රිත පරිවහන පද්ධතියට බාධා ඇති වෙයි.වෙරළ ඛාදනය ප්‍රබල වීමෙන් මහා මාර්ග මෙන්ම දුම්රිය මාර්ගවලටද දැඩි තර්ජනයක් එල්ල වී ඇත.මේ වන විටත් ශ්‍රි ලංකාවේ නිරිත දිග වෙරලේ මහාමාර්ග හා දුම්රිය මාර්ග වෙරළ ඛාදනයට ගොදුරැ වි විනාශ වී ඇත.එම නිසා එම කලාපයේ ගමනාගමනයද විටින් විට ඇන හිටියි.එමෙන්ම මෙම පරිවහන පද්ධති විටින් විට ප්‍රතිසංස්කරණය කිරීමටද රජය විශාල මුදලක් වැය කරයි.

6)ස්වාභාවික සෞන්දර්ය විනාශ වීම

එටක වැදගත් ස්වාභාවික පරිසරයන් ලෙස වෙරළ ප්‍ර‍දේශ දැක්විය හැකිය. වෙරළාශ්‍රිත ස්වාභාවික සෞන්දර්යරටක වටිනාකම කෙරෙහිත් ජනතාවගේ විවේකය විනෝදය සඳහාත් බලපායි.මෙලෙස ප්‍රබල ලෙස වෙරළ ඛාදනය වන විට එහි සෞන්දර්යාත්මකඅගය පිරිහී යයි.වෙරළ ඛාදනයේ තර්ජනයට ලක්ව ඇති මෙවැනි සෞන්දර්යාත්මක ස්ථාන 89 ක් හදුනාගෙන ඇත.

7)වෙරළාශ්‍රිත ඓතිහිසික ස්ථාන විනාශ වීම.

වෙරළාශ්‍රිත ප්‍රදේශවල විවිධ ඓතිහාසික හා විද්‍යාත්මක ස්ථාන පිහිටා පවතී නමුත් වෙරළාශ්‍රිතව ප්‍රබලව සිදුවනවෙරළ ඛාදනය එම ඓතිහාසික ස්ථාන විනාශ වීම කෙරෙහිත් බලපා ඇත. ශ්‍රි ලංකාවේ වෙරළාශ්‍රිත ප්‍රදේශවල ව්‍යාප්ත වී ඇති මෙවැනිඓතිහාසික ස්ථානයන් හඳුනා‍ගෙන ඇත.

ගොනුව:Seenigama.jpg


ඓතිහාසික ස්ථානයපැතිරී ඇති දිස්ත්‍රීක්කය
ශිව දේවාලයකොළඹ-මෝදර
අයියනාර් දේවාලයපුත්තලම-කරැක්කපොනායි
රන්කෙත් ව්හාරයකළුතර පට්ටිය උතුර
දුව විහාරයකළුතර-මොරගල්ල
සීනිගම දේවාලයගාල්ල සීනිගම
ගාල්ල කොටුවගාල්ල නගරය
දුව දේවාලයගාල්ල තල්පෙ දකුණ
විෂ්ණු දේවාලයමාතර දෙවිනුවර
සමුද්‍රගිරි දේවාලයමාතර දෙවිනුවර
කිරින්ද විහාරයහම්බන්තොට කිරින්ද
තංගල්ල කොටුවහමිබන්තොට කොටුවේගොඩ
සමුද්‍ර විහාරයඅම්පාර කුමන
විෂ්ණු කෝවිලයාපනය කිරිමලේ

වෙරළ ඛාදනය වැලැක්වීම-වෙරළ සංරක්ෂණය

සංස්කරණය

ශ්‍රි ලංකාවේ වෙරළබඩ ප්‍රදේශවල ප්‍රධාන ගැටලුවක් වන වෙරළ ඛාදනය වැලැක්වම සඳහා විවිධ ක්‍රියාමාර්ග ගෙන ඇත.එවැනි ක්‍රියා මාර්ග රැසක් හඳුනාගත හැකිය.

1)වෙරළේ හා ගංගාවල වැලිකැනීම නැවැත්වීම.

2)වෙරළාශ්‍රිත කොරල්පර විනාශය වැලැක්වීම.

3)වෙරළාශ්‍රිත ප්‍රදේශවල ස්වාභාවික වෘක්ෂලතා වන කඩොලාන පරිසර පද්ධති විනාශය වැලැක්වීම හා වෙරළාශ්‍රිත කඩොලානවගාකිරීමේ ව්‍යපාති දියත් කිරීම

4)ධීවර කර්මාන්තයේදී වෙර‍ළේ ස්වාභාවික සම්පත් පිළිබඳව සැලකිල්ලක් දැක්වීම

5)වෙරළාශ්‍රිත කොරල් පර හා කඩොලාන සම්පත් විනාශ කරන්නවුන්ට දැඩි නීතිරීති පැනවීම.

6)වෙරළේ ගුණාත්මක වටිනාකම හා වෙරළ ඛාදනයේ අහිතකර ප්‍රතිඵල පිළිබඳව සාමාන්‍ය ජනතාව,පාසල් සිසුන් විවිධ මාධ්‍යමඟින් දැනුවත් කිරීම

7)වෙරළාශ්‍රිත සම්පත් උපයෝගී කරගෙන ජීවිකාව ගෙන යන්නන් පුනරැත්තාපනය කිරීම

8)වෙරළාශ්‍රිත නව ගොඩනැගිලි ඉදිකිරීම හා සංවර්ධන ව්‍යාපෘති සිදුකිරීම පාලනය කිරීම

9)වෙරළ සංරක්ෂණය සඳහා නව නීති රීති මෙන්ම නව පනත් ඉදිරිපත් කිරිමද සිදුකර තිබේ.වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවවිසින් පනත් කීපයක් හඳුන්වා දී ඇත.

උදා,1981 අංක 57 දරන වෙරළ සංරක්ෂණ පනත

1988 අංක 64 දරන වෙරළ සංරක්ෂණ (සංශෝධිත)පනත.

ආශ්‍රිත

සංස්කරණය
"https:https://www.how.com.vn/wiki/index.php?lang=si&q=වෙරළ_ඛාදනය&oldid=568518" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි
🔥 Top keywords: විශේෂ:ගවේෂණයකාලස් පුයිජ්දෙමොන්මුල් පිටුවඅධ්‍යාපනයවිශේෂ:මෑත වෙනස්වීම්සූනන් ඇඟ වැටීමේ ඵලාඵලවිකිපීඩියා:Contact usදුටුගැමුණු රජසාර ධර්මසාහිත්‍යයසීගිරියසිංහල සාහිත්‍යයසංස්කෘතියගෝලීයකරණයඅනගාරික ධර්මපාලපරිසර දූෂණයකුමාරතුංග මුනිදාසශ්‍රී දළදා මාළිගාවශ්‍රි ලංකාවේ පාසල් ලැයිස්තුවඑස්‌. මහින්ද හිමිශ්‍රී ලංකාවේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසශ්‍රී ලංකා පොලිස් සේවයශ්‍රී ලංකාවමාර්ටින් වික්‍රමසිංහරුවන්වැලිසෑයලිංගික සංසර්ගික ඉරියව්වොලිබෝල්ලිංගික සංසර්ගයවිකිපීඩියා:Administrators' noticeboardසාකච්ඡාව:මුල් පිටුවමනෝ විශ්ලේෂණවාදයසාමයපාසල්ස්ත්‍රී ස්වයං වින්දනයස්වයං වින්දනයළමා අපයෝජනයඅපරාධකළමනාකරණයපළමුවන විජයබාහු රජ